• පනත ප්‍රකාරව කටයුතු කිරීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වේ. මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට සිදු කරන ලද නඩු විභාගයකින් එසේ වරදකරු වූ විට උපරිම රුපියල් ලක්ෂ 5කට යටත් දඩ මුදලක් නියම කළ හැකි වේ.
  • මෙම පනත යටතේ යම් පුද්ගලයෙකු වරදකරු කරනු ලැබ, එම වරද සංයුක්ත වන ක්‍රියාව කරන ලද්දේ, අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්යෙහි අනෙකුත් කොටස්කරුවන් හෝ අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්ය සමග ගණුදෙනු කරන මූල්‍ය ආයතන හෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ නොමග යැවීමේ අදහසින් බවට අධිකරණය තීරණය කරනු ලබන අවස්ථාවක හෝ එම වරද සිදු කර ඇත්තේ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවක් නම්, අදාල වාණිජ බැංකුව, සිය තැන්පත්කරුවන් නොමග යැවීමේ අදහසින් කටයුතු කර ඇති බවට අධිකරණය තීරණය කරන අවස්ථාවක දී අධිකරණය විසින් වරදකරු, උපරිම වර්ෂ 5ක් දක්වා වන සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත.
  • මෙම පනත යටතේ යම් සංස්ථාවක් වෙතින් වරදක් සිදු වූ විට, එම වරද සිදු වූ අවස්ථාවෙහි සේවයේ නියුතු වූ යම් අධ්‍යක්ෂවරයෙකු, කළමනාකාරවරයෙකු, ලේකම්වරයෙකු හෝ ඒ හා සමාන වෙනත් නිලධාරියෙකු, එම වරද සිදුවී ඇත්තේ කිසිදු ආකාරයකින් තම අනුදැනුම හෝ සහභාගීත්වය නොමැතිව බව ට සහ තම රාජකාරි වපසරිය තුළ එවන් වැරදි සිදු වීමට ඇති ඉඩකඩ තමන් විසින් අසුරා ඇති බව ට සාධක සහිතවඅදාල නිලධාරියා විසින් ඔප්පු කර ඇත්නම් මිස ඔහු වරදකරු ලෙස සලකනු ලැබේ.
  • යම් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක ගණකාධිකාරිවරයෙකු විසින් මෙම පනතේ යම් විධි විධානයක් කඩ කරන ලද අවස්ථාවක දී එම ගණකාධිකාරීවරයාට එරෙහිව සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම ට ඔහු සාමාජිකත්වය දරන වෘත්තීය ආයතනය ට හැකි වන පරිදි එම කඩ කිරීම පිළිබඳව අදාල ආයතනය ට දැනුම් දීම මණ්ඩලයේ කාර්යය වේ.
  • යම් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක් මෙම පනතේ විධි විධාන වලට අනුකූලව ක්‍රියා කිරිම පැහැර හැර ඇති අවස්ථාවක දී, මණ්ඩලය වෙත පැවරෙන වගකීම වන්නේ එවන් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් පිළිබඳව, පහත ආයතන දැනුම්වත් කිරීම යි.

    1. එම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයේ කටයුතු පාලනය කිරීම ට හෝ අධීක්ෂණය කිරීම ට නීතිය මගින් බලය පවරා ඇති යම් අධිකාරියක් සහ,
    2. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව (නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායය පනත ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායය විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය අඩු වී ඇති බවක් මණ්ඩලය වෙත නිරීක්ෂණය වන්නේ නම්)

සබැඳි වෙබ් අඩවි

 
 

Latest Findings

අප අමතන්න

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211

Solution by: LankaCom