පනත සහ පනත යටතේ කරනු ලැබූ නියෝග ප්‍රකාර, පහත සඳහන් ආයතන නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් ලෙස නිර්වචනය කර ඇත.

 
  • 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්
  • රක්ෂණ ව්‍යාපාර කයුතු පවත්වාගෙන යාම සඳහා 1962 අංක 25 දරන රක්ෂණ පාලන කිරීමේ පනත යටතේ බලය පවරන ලද සමාගම්.
  • කල්බදු ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින සමාගම්.
  • ණය නිශ්කාෂණ සමාගම්.
  • 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනත යටතේ ලියා පදිංචි කරන ලද සමාගම්.
  • ඒකක භාර ක්‍රියාත්මක කිරීම සඳහා 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්.
  • අරමුදල් පාලන සමාගම්
  • ව්‍යාපාර වස්තු තැරැව්කරුවන් ලෙස හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දන් ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම ට 1987 අංක 36 දරන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්
  • ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට 1987 අංක 36 දරන සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්.
  • 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර දී ඇති ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තු ගත සමාගම්.
  • වෙනත් සමාගම්
    1. රුපියල් මිලියන 500ට වැඩි පිරිවැටුමක් සහිත සමාගම්;
    2. පසුගිය මුදල් වර්ෂය අවසානයේ දී කොටස් හිමියන් ගේ සම කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 100ට වැඩි සමාගම්;
    3. පසුගිය මුදල් වර්ෂය අවසානයේ දී මුලු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 300ට වැඩි සමාගම්;
    4. පසුගිය මුදල් වර්ෂය අවසානයේ දී බැංකු සහ මූල්‍ය ආයතන වලට රුපියල් මිලියන 100ට වැඩි බැරකම් ඇති සමාගම්;
    5. සේවකයින් 1000ට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුතු සමාගම්.
  • භාණ්ඩ හා සේවා විකිණීමෙහි නියුතු රාජ්‍ය සංස්ථා
  • ඉහත සඳහන් කුමන හෝ කාණ්ඩයකට අයත් වන ව්‍යාපාර සමූහයන්. මෙහි දී ව්‍යාපාර සමූහය ලෙස අදහස් වන්නේ එක් පාලක සමාගමක් සහ එහි පාලිත සමාගම් වේ. මෙම සමාගම් 1982 අංක 17 දරන සමාගම් පනතේ 147 වගන්තිය යටතේ ස්ථාපනය කරන ලද සමාගම් විය යුතුයි.

සබැඳි වෙබ් අඩවි

 
 

Latest Findings

අප අමතන්න

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211

Solution by: LankaCom