[xt_tab style=”xa-default” ]
[xt_item title=”Qualified by Auditors” icon=”Select Icon—“]

ලංකා සිමෙන්ති පොදු සමාගම

ලංකා සිමෙන්ති පොදු සමාගමේ 2011 දෙැසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මූල්‍ය ප‍්‍රකාශන වල කර්මාන්තශාලා ගොඞනැගිල්ලේ සහ පිරියත හා යන්ත‍්‍ර සූත‍්‍ර වල ධාරණ අගය එහි අය කර ගත හැකි අගය පෙන්නුම් කරන ආකාරයට හානිකරණය කර නොතිබුණි. මේ කරුණු සම්බන්ධයෙන් විගණකවරු සිය විගණන මතය තත්වාගණනය කර තිබුණි.

SLAASMB විසින් කරන ලද පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ආයතනයේ 2012 දෙැසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මූල්‍ය ප‍්‍රකාශන වල කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ සහ පිරියත හා යන්ත‍්‍ර සූත‍්‍ර අගය හානිකරණය වීම හදුනා ගන්නා ලදී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එම සමාගමේ ශුද්ධ වත්කම් වල අගය රුපියල් මිලියන 186 කින් අඩුවිය.

සීමාසහිත (ලංකා* ඔස්ටින් ග්ලවුස් සමාගම

සීමාසහිත (ලංකා* ඔස්ටින් ග්ලවුස් සමාගම 2013 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මූල්‍ය ප‍්‍රකාශන වල ගොඩනැගිලි, පිරියත සහ යන්ත‍්‍ර සූත‍්‍ර ක්ෂය කිරීමට ලක් කර නොතිබුණි. මේ කරුණු සම්බන්ධයෙන් විගණකවරු සිය විගණන මතය තත්වාගණනය කර තිබුණි.

SLAASMB විසින් කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මූල්‍ය ප‍්‍රකාශන වල ආයතනයේ ගොඩනැගිලි, පිරියත සහ යන්ත‍්‍ර සූත‍්‍ර ක්ෂය කිරීම සිදු කරන ලදී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එම සමාගමේ ශුද්ධ වත්කම් වල අගය රුපියල් මිලියන 101×98 කින් අඩු විය.

සීමාසහිත අල්මාර් ටේ‍්‍රඩින් (පෞද්ගලික* සමාගම

මෙම සමාගම 2012 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප‍්‍රකාශන වල පරිපාලිත ආයතනයන්හි එ්කාබද්ධ ප‍්‍රතිඵලය නිරූපනය කරනු ලබන එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කර නොතිබුණු අතර බද්ධ ව්‍යාපාර පාලන එ්කකයන් තුල පවත්නා ඇල්ම සමානුපාතික එ්කාබද්ධ ක‍්‍රමය හෝ හිමිකම් ක‍්‍රමය යොදා ගනිමින් හදුනාගෙන නොතිබුණු අතර ජංගම ආයෝජන වල ධාරණ අගය එහි සාධාරණ අගය දක්වා අඞුකර නොතිබුණි. මේ කරුණු සම්බන්ධයෙන් විගණකවරු සිය විගණන මතය තත්වාගණනය කර තිබුණි.

SLAASMB විසින් කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මූල්‍ය ප‍්‍රකාශන සමග එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරිමට එ්කාබද්ධ පාලන එ්කකයන් සඳහා පවත්නා ඇල්ම සමානුපාතික එ්කාබද්ධ ක‍්‍රමය හෝ හිමිකම් ක‍්‍රමය යොදා ගනිමින් හඳුනාගැනීමටත් ආයෝජන එහි සාධාරණ අගයට වාර්තා කිරීමටත් සමාගම එකඟ විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එම සමාගමේ ජංගම ආයෝජන වල සාධාරණ අගය රුපියල් මිලියන 324 කින් අඩු විය.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව

මෙහි 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පරිපාලිත ලංකා සිමෙන්ති පොදු සමාගම සමග එ්කාබද්ධ කරනු ලැබූ එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කර නොතිබුණි. එමෙන්ම සංස්ථාව විසින් එහි ආයෝජන වල ධාරණ අගය හා පරිපාලිත සමාගම් වලින් ලැබිය යුතු මුදල් වියෝජන මූල්‍ය ප‍්‍රකාශන වල හානිකරණය කර නොතිබුණි. තව දුරටත් සංස්ථාවේ බදු කුලී ඉපයීම සඳහා රඳවාගෙන ඇති ඉඩම් ඔවුන්ගේ මූල්‍ය ප‍්‍රකාශන වල ආයෝජිත දේපල ලෙස හදුනාගෙන නොතිබුණි. කෙසේ වෙතත් එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම යන කරුණ ගැන පමණක් විගණකවරු සිය විගණන මතය තත්වාගණනය කර තිබුණි.

SLAASMB විසින් කරනලද විමසීම් වලින් අනතුරුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මූල්‍ය ප‍්‍රකාශන සමග එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය කරණු ලබන ගැලපීම් සිදු කිරීමටත් සංස්ථාව විසින් එකඟත්වය පල කරන ලදී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සංස්ථාවේ වියේාජන මූල්‍ය ප‍්‍රකාශන වල ශුද්ධ වත්කම් වල අගය රුපියල් බිලියන 1.76 කින් අඩු විය.

[/xt_item]

[xt_item title=”Not Qualified by Auditors” icon=”Select Icon—“]

ප‍්‍රාදේශීය සංවර්ධන බැංකූව

ප‍්‍රාදේශීය සංවර්ධන බැංකූව විසින් කාර්ය මණ්ඩල සුභසාධනය සහ කාර්ය වෛද්‍ය අරමුදල් ලෙස සේවකයින්ට එවැනි ගෙවීමක් කිරීම සඳහා වර්තමාන බැදීමක් නොමැතිවම රදවාගත් ඉපයුම් වලින් රුපියල් මිලියන 62.8 ක මාරු කිරීමක් සිදු කරමින් වෙනත් වගකීම් ලෙස හදුනා ගෙන ඇත. මේ කරුණු සම්බන්ධයෙන් විගණකවරු සිය විගණන මතය තත්වාගණනය කර නොතිබුණි.

SLAASMB විසින් කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව මෙම මුදල වෙනත් වගකීම් වලින් පොදු සංචිතයට මාරු කිරීම සඳහා බැංකුව විසින් එකඟතාවය පල කරන ලදී.

[/xt_item]

[/xt_tab]

සබැඳි වෙබ් අඩවි

 
 

Latest Findings

අප අමතන්න

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211

Solution by: LankaCom