මණ්ඩලය හෝ මණ්ඩලය විසින් බලය පවරනු ලබන තැනැත්තෙකු විසින් පහත දැක්වෙන පරිදි කටයුතු කළ හැකි වේ.


  1. මණ්ඩලය හෝ මණ්ඩලය විසින් බලය පවරන ලද යම් තැනැත්තෙකු විසින් නිකුත් කෙරෙන ලිඛිත දැන්වීමක් මගින් නිශ්චිතව දක්වා ඇති කාලයක් තුළ යම් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක මූල්‍ය ප්‍රකාශන වල ට අදාල ඕනෑම තොරතුරක් මණ්ඩලය වෙත සැපයීම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයේ හෝ එහි විගණකවරයාගේ වගකීම වේ.
  2. ඕනෑම අධ්‍යක්ෂවරයෙකු, නිලධාරියෙකු හෝ විගණකයෙකු ගෙන්වා නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්ය පිළිබඳව හෝ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම/ ඉදිරිපත් කිරීම සම්බන්ධ ව කැඳවීම් සහ විමසීම් සිදු කිරීම කළ හැකි වේ.
  3. එවැනි විමර්ශන හෝ පරීක්ෂණ පැවැත්වීම, පනත යටතේ පැවරෙන කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියා මාර්ග අනුගමනය කිරීම, මේ සඳහා අවශ්‍ය වන අවස්ථාවක දී ඕනෑම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක ඕනෑම අධ්‍යක්ෂවරයෙකු, නිලධාරියෙකු හෝ විගණකයෙකු විමර්ශනයන් සඳහා කැඳවීම, එම අධ්‍යක්ෂවරයා, නිලධාරියා හෝ විගණකවරයා භාරයේ ඇති විමර්ශනය ට හෝ පරීක්ෂණය ට අදාල ඕනෑම තොරතුරක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමේ බලය මණ්ඩලය සතු වේ.

සටහන- ඉහත අංක 1 හි සඳහන් වන දැනුම් දීම, අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් විසින් සිය මූල්‍ය ප්‍රකාශන මණ්ඩලය වෙත ඉදිරිපත් කර වසරක් ගත වීම ට පළමුව යොමු කළ යුතු වේ. අනෙකුත් බලතල ක්‍රියාත්මක කරවීම සඳහා කාල සීමාවක් නොමැත.

සබැඳි වෙබ් අඩවි

 
 

Latest Findings

අප අමතන්න

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211

Solution by: LankaCom