මණ්ඩලයේ ප්‍රධාන කාර්යය වන්නේ නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි මූල්‍ය ප්‍රකාශන සැකසීම, ඉදිරිපත් කිරීම සහ විගණනය කිරීම යන අවස්ථාවල දී එම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ට දක්වන අනුකූල භාවය පිළබඳව අධීක්ෂණය කිරීම යි.
1995 අංක 15 දරන පනත යටතේ නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී, ඉදිරිපත් කිරීමේ දී හා විගණනය කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති වල ට එකඟ ව ක්‍රියා කරන බවට අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති එකම ස්වාධීන ආයතනය ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය යි.