1. හැඳින්වීම

  2. ඉකුත් වර්ෂයේදී සමාලෝචනය කරන ලද විගණන සමාගම් 39 ක් විසින් කරන ලද විගණන 50 කට අනුරූපීව 2014 වර්ෂය තුළ දී ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලය විසින් විගණන සමාගම් 41 ක් විසින් කරන ලද විගණන 100 ක් සමාලෝචනය කරන ලදී. අන්තර්ජාතික ජාලයන්ට අයත් සාමාජිකයන් වන විගණන සමාගම් 4 ක් විසින් ඉටු කරන ලද විගණන 44 ක් සහ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් (SBE* 10 ට වඩා අඩුවෙන් විගණනය කරන ලද විගණන සමාගම් 37 ක් විසින් ඉටු කරන ලද විගණන 56 ක් සමාලෝචනය කල විගණන වලට ඇතුලත් විය. විගණන කරන ලද නිශ්චිත ව්‍යාපාර ව්‍යවසාය හා සම්බන්ධ අවදානම් පදනම් කරගෙන විගණන 8 ක් සර්වග‍්‍රාහී සමාලෝචනයකට භාජනය කරන ලදී.

  3. ප‍්‍රධාන සොයාගැනීම්

  4. විගණන සමාගම් 41 ක් විසින් කරන ලද විගණන 68 ක අඩුපාඩුකම් සොයාගන්නා ලදී. සොයාගනු ලැබූ ශ්‍රී ලංකා විගණන ප‍්‍රමිතීන්ට පටහැනි වීම් උපකාරක ලිපි ස්වරූපයෙන් අදාල විගණන සමාගම් වෙත දැනුම් දෙන ලදී.
    ප‍්‍රධාන සොයාගැනීම් පහත දැක්වේ.

    2.1. ප‍්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගැනීමට අපොහොසත් වීම

    මූල්‍ය ප‍්‍රකාශන සැදැහුම් තහවුරු කර ගැනීම සඳහා තහවුරු කිරීමේ ක‍්‍රියාපටිපාටි හා පාලන පරීක්ෂා මගින් ප‍්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගනු ලැබූ බවට විගණන 41 ක් සඳහා වූ ලේඛන ගත කිරීම් වල වාර්තාවක් සපයා නොතිබුණි. .
    අඩුපාඩු වලට පහත සඳහන් දේ ඇතුළත් විය.

    • මූල්‍ය ප‍්‍රකාශන වල ශේෂයන් සඳහා විගණන ක‍්‍රියාපටිපාටීන් කිසිවක් ලේඛනගත කිරීමට අපොහොසත් වීම.
    • අයභාරය විකුණුම් පිරිවැය ක්‍ෂයවීම් දේපල පිරියත හා උපකරණ කීර්තිනාමය ආයෝජන තොග සම්බන්ධිත පාර්ශවයන්ගේ ශේෂ ණය මත ලැබිය යුතු මුදල් ගෙවිය යුතු මුදල් ප‍්‍රාග්ධන සංචිත, හිමිකම් ප‍්‍රාග්ධනයට එරෙහිව දායකත්වය විලම්බීත බදු වගකීම්, පොලී ආදායම් පොලී වියදම් සහ මූල්‍ය සමාගම් වලින් ලැබිය යුතු සහ ණය ශේෂයන්හි අගය අඩු වීම් වලට අදාළ මූල්‍ය ප‍්‍රකාශන සැදැහුම් පරීක්‍ෂා කිරීම සඳහා විගණන පටිපාටීන් ඉටු කිරීම පිළිබඳ සාක්ෂි නොතිබීම.
    • මූල්‍ය ප‍්‍රකාශන සැදැහුම් සමහරක් පරීක්‍ෂා කිරීම සඳහා විගණන ක‍්‍රියාපටිපාටීන් කිසිවක් ඉටු කිරීම පිළිබඳව සාක්ෂි නොතිබීම.

    උදාහරණඃ
    • ආයෝජිත දේපලයන්හි පැවැත්ම හා අයිතිය තහවුරු කර ගැනීමට විගණන ක‍්‍රියාපටිපාටි සැළසුම් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම.
    • හානිකරණ දර්ශකයන්ගේ පැවැත්ම පෙන්නුම් කරනු ලබන අගය කිරීමේ සැදැහුම් තහවුරු කර ගැනීමට විගණන ක‍්‍රියාපටිපාටි සැළසුම් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම.
    • මුලින් සැළසුම් කරන ලද විගණන ක‍්‍රියාපටිපාටි සතූටුදායක නොවන අවස්ථාවන්හිදී අගය කිරීමේ සැදැහුම් තහවුරු කර ගැනීමට විකල්ප විගණන ක‍්‍රියාපටිපාටි සැළසුම් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම.
    • යෝග්‍ය අගයන්ට අනුව තොග ආගණනය කර ඇත්දැයි තහවුරු කර ගැනීමට විගණන ක‍්‍රියාපටිපාටි ක‍්‍රියාත්මක කිරීම.
    • ඉඩම් වල අයිතිය සහ පැවැත්ම සත්‍යාපනය කරගැනීම සඳහා විගණන කි‍්‍රයාපටිපාටි කි‍්‍රයාත්මක කිරීම.
    • මූල්‍ය සමාගමක ප‍්‍රතික්ෂේපිත චෙක්පත් වල අගය ප‍්‍රමාණවත් වන අවස්ථාවකදී මුදල් බැංකු ශේෂ සහ මූල්‍ය වත්කම් වල නිරවද්‍යතාව, අගය කිරීම හා සම්පූර්ණත්වය සත්‍යාපනය කිරීම.
    • සම්බන්ධිත පාර්ශවයන්ගේ හිඟ ශේෂයන් වල පැවැත්ම අගය කිරීමට විගණන ක‍්‍රියාපටිපාටි ක‍්‍රියාත්මක කිරීම.
    • ආයෝජිත දේපලයන්හි පැවැත්ම සහ අයිතිය නිශ්චය කර ගැනීමට විගණන ක‍්‍රියාපටිපාටි ක‍්‍රියාත්මක කිරීම.
    • වෙනත් මූල්‍ය වත්කම් හා වගකීම් වල පැවැත්ම සත්‍යාපනය කිරීම.
    • පරිපාලිත හා මව් සමාගම් අතර සම්බන්ධතාවයන් ගොඩනැගීම සඳහා රඳවා ගත් ආයෝජනයන්හි ප‍්‍රතිශතයන් නිශ්චය කිරීම.
    • ආදායම් බදු වියදම සහ විලම්බීත බදු ගණනය කිරීමෙහි නිරවද්‍යතාව නිශ්චය කිරීම.
    • තොග විකුණුම් විකුණුම් පිරිවැය වැනි දෑ සම්බන්ධයෙන් විගණන ක‍්‍රියාපටිපාටීන් ඉටු කරන ලද කාලපරිච්ෙඡ්දයට පසුව එන කාලපරිච්ෙඡ්දය ආවරණය කිරීමට විගණන ක‍්‍රියාපටිපාටීන් කිසිවක් ඉටු කල බවට සාක්ෂි නොමැති වීම.

    2.2. ප‍්‍රමාණවත්ව ලේඛන ගත නොකළ අයිතම

    විගණන මතය තහවුරු කිරීමට සාක්ෂි වශයෙන් වැදගත් වන සහ ශ්‍රී ලංකා විගණන ප‍්‍රමිති වලට අනුකූලව විගණනය සිදු කල බවට සාක්ෂි වශයෙන් වැදගත් වන කරුණු ලේඛන ගත කිරීමේ අඩුපාඩු විගණනයන් 27 කට අදාළ ලේඛන ගත කිරීම් වල විද්‍යාමාන විය.

    • ඉටු කරන ලද විගණන ක‍්‍රියාපටිපාටීන් වල ස්වභාවය, කාලය, ප‍්‍රමාණය සහ එම පටිපාටින් වල ප‍්‍රතිඵල
    • විගණනය සැළසුම් කිරීම සහ විගණන සැළසුම
    • විගණකවරයා විසින් අස්තිත්වය ක‍්‍රියාත්මක වන කර්මාන්තය, ක්‍ෂේත‍්‍රය, ආර්ථික පරිසරය හා නෛකික පරිසරය පිළිබඳව ලබාගත් අවබෝධය.
    • විගණකවරයා ගිණුම්කරණය හා අභ්‍යන්තර පාලනය පිළිබඳව ලබා ගත් අවබෝධය
    • ගනුදෙණු හා ශේෂ සම්බන්ධ විශ්ලේෂණයන්, වැදගත් අනුපාත හා උපනතීන් පිළිබඳව විශ්ලේෂණයන්
    • මූල්‍ය ප‍්‍රකාශන මට්ටමේ සහ සැඳහුම් මට්ටමේ දී හඳුනාගත් සහ තක්සේරු කරන ලද ප‍්‍රමාණාත්මක සාවද්‍ය ප‍්‍රකාශ පිළිබඳ අවදානම
    • සහායකයින් විසින් ඉටු කරන ලද වැඩ අධීක්ෂණය කළ බවට තහවුරු කෙරෙන සාක්ෂි.
    • ව්‍යතිරේඛයන් සහ අසාමාන්‍ය කරුණු නිරාකරණය කරගත් හෝ සලකන ලද ආකාරය ඇතුළුව වැදගත් විගණන අංශ සම්බන්ධයෙන් එළඔුණු නිගමනයන්
    • කළමනාකාරිත්වයෙන් ලැබුණු නියෝජන ලිපි

    2.3. විගණන පටිපාටීන් සඳහා පදනම් කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් නොවූ සැඳහුම් යොදා ගැනීම හේතුකොටගෙන මූල්‍ය ප‍්‍රකාශන තුල ඇති ප‍්‍රමාණාත්මක සාවද්‍ය ප‍්‍රකාශන හඳුනා ගැනීමට අපොහොසත් වීම.

    ගනුදෙණු පන්ති ගිණුම් ශේෂ ඉදිරිපත් කිරීම් සහ හෙලිදරව් කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන අයුරින් සැඳහුම් යොදා ගැනීම හේතුවෙන් ප‍්‍රමාණාත්මක සාවද්‍ය ප‍්‍රකාශ ඇතිවීමේ අවදානම තක්සේරු කිරීමට හා තවදුරටත් කළයුතු විගණන කි‍්‍රයාපටිපාටි සැළසුම් කිරීමට සහ ක‍්‍රියාත්මක කිරීමට පදනමක් සපයා ගත නොහැකි වීම නිසා ප‍්‍රමාණාත්මක සාවද්‍ය ප‍්‍රකාශ හදුනා ගැනීමට අපොහොසත් වූ පහත දැක්වෙන අවස්ථා විගණන 22 ක් තුල නිරීක්ෂණය විය.

    • එ්කක භාර හිමිකරුවන්ගේ අරමුදල් වලට අදාල ප‍්‍රමාණය ස්කන්ධය වශයෙන් හඳුනා ගැනීමට සහ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
    • ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම් විස්තීරණ ආදායම් ප‍්‍රකාශය තුල හඳුනාගැනීමට අපොහොසත් වීම.
    • ආයෝජිිත දේපළ, දේපළ පිරියත හා උපකරණ ලෙස හදුනාගැනීම.
    • අධ්‍යක්ෂකවරු විසින් ප‍්‍රදානය කරනු ලැබූ ණය හිමිකම් වශයෙන් හදුනාගැනීම.
    • බද්ධ පාලන එ්කකයන් සඳහා පවත්නා ඇල්ම, සමානුපාතික එ්කාබද්ධ ක‍්‍රමය හෝ හිමිකම් ක‍්‍රමය යොදා ගනිමින් හදුනාගැනීමට අපොහොසත් වීම.
    • මෙහෙයුම් කල්බදු වලට අදාල කලින් ගෙවන ලද කල්බදු වාරික ක‍්‍රමක්‍ෂය කිරීමට අපොහොසත් වීම.
    • වත්කම් හානිකරණය වී ඇති බව හැඟවෙන ලකුණු තිබියදී හානිකරණ අලාභ පරීක්ෂණ සිදු නොකිරීම.
    • හිමිකම් ක‍්‍රමය යොදා ගනිමින් ආශ‍්‍රිත සමාගම් වල ආයෝජන, ගිණුම් ගත නොකිරීම.
    • පරිපාලිතයන් අයත්ව තිබියදී එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
    • ශේෂ පත‍්‍ර දිනෙන් පසුව සිදුවන ප‍්‍රමාණාත්මක සිදුවීම් හෙළිදරව් නොකිරීම.
    • විශ‍්‍රාමික ප‍්‍රතිලාභ බැදීම් හදුනාගැනීමට අපොහොසත් වීම.
    • විලම්බිත බදු හදුනාගැනීමට අපොහොසත් වීම.
    • අසීමිත ප‍්‍රයෝජනවත් ආයු කාලයක් ඇති සින්නක්කර ඉඩම් සඳහා ක්‍ෂය හදුනාගෙන තිබීම.
    • ගිණුම්කරණ ප‍්‍රතිපත්තිය ලෙස තෝරාගෙන ඇති විට ලැබූ ප‍්‍රත්‍යාගණන ආකෘතියට අනුව දේපළ පිරියත හා උපකරණ නිරන්තරව ප‍්‍රත්‍යාගණනය නොකිරීම.
    • සමුච්චිත නිදහස් කළ හැකි වරණීය කොටස් වගකීම් ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

    2.4. නියැදි තෝරා ගැනීමේදී අනුගමනය කළ පදනම පිළිබදව සාක්ෂි නොමැතිකම.

    විගණන ක‍්‍රියාපටිපාටිවල අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි රැුස් කර ගැනීම පිණිස පරීක්ෂණ සඳහා නියැදි තෝරා ගත් ආකාරය දැක්වෙන ලේඛනගත කිරීම් කිසිවක් විගණන 20 ක් සම්බන්ධයෙන් දක්නට නොලැබුණු අතර සංගණනයේ ලක්ෂණ පැහැදිලි කිරීමට හෝ සංස්කරණය කිරීමට නියැදි ප‍්‍රතිඑල අගය කිරීමට විගණන 13 ක් අපොහොසත් විය.

    2.5. පාලන අවදානම අවබෝධ කරගැනීම හා තක්සේරු කිරීම පිළිබඳ සාක්ෂි නොමැති වීම.

    අස්තිත්වයේ ගිණුම්කරණ හා අභ්‍යන්තර පාලන පද්ධති සහ පාලන අවධානම තක්සේරු කිරීම සම්බන්ධව ලේඛනගත කිරීම් විගණන 20 ක් තුළ නොතිබුණි.

    2.6. විගණන ප‍්‍රමාණාත්මකභාවය තීරණය කිරීමට අපොහොසත් වීම.

    විගණන පටිපාටිවල ස්වභාවය, කාලය සහ ප‍්‍රමාණය තීරණය කරගැනීම සඳහා සහ සාවද්‍ය ප‍්‍රකාශ වල බලපෑම අගයීම සඳහා ප‍්‍රමාණාත්මක මට්ටම ගොඩනැගීමට අදාල වාර්තා කිසිවක් විගණන 19 ක් තුල නොතිබුණි.

    2.7. සම්බන්ධිත පාර්ශව ගනුදෙණු පිළිබඳව තොරතුරු නොගැනීම.

    විගණන 12 ක් සම්බන්ධයෙන් සම්බන්ධිත පාර්ශව ගනුදෙණු පිළිබඳව කළමණාකාරිත්වය සපයන ලද තොරතුරු විගණකවරයා සමාලෝචනය කළ බවට හා එම තොරතුරු සම්පූර්ණත්වය සොයා දැනගැනීම සඳහා වෙනත් ප‍්‍රමාණාත්මක සම්බන්ධිත පාර්ශව ගනුදෙණු පවතීදැයි යන්න ගැන සෝදිසියෙන් ක‍්‍රියාකළ බැව් තහවුරු වන සාක්ෂි කිසිවක් විද්‍යාමාන නොවීය.

    මේ සම්බන්ධයෙන් වූ අඩුපාඩු වලට උදාහරණ නම්:
    • විගණකවරයා විසින් සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගනුදෙණු හඳුනාගැනීම සඳහා කළමණාකාරිත්වය විසින් සපයන ලද තොරතුරු සමාලෝචනය කළ බවට සාක්ෂි ලේඛනගත කිරීම් වල නොතිබීම.
    • සම්බන්ධිත පාර්ශව ගනුදෙණු හදුනාගැනීම හා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විගණකවරයා විගණන පටිපාටීන් කිසිවක් ඉටුකල බව තහවුරු වන ලේඛනගත කිරීම් නොතිබීම.
    • සම්බන්ධිත පාර්ශවයන් සනාථ කිරීමක් ලබාගැනීම හැර විගණකවරයා සම්බන්ධිත පාර්ශව ගනුදෙණු හදුනාගැනීම හා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වෙනත් කවර හෝ විගණන කි‍්‍රයාපටිපාටීන් ඉටුකළ බවට තහවුරු වන ලේඛනගත කිරීම් නොතිබීම.

  5. පොදු අඩුපාඩු‍්‍ර


අවදානම් ඇතිවිය හැකි ක්‍ෂේත‍්‍රයන් හදුනා ගැනීමට සහ විගණනය අතරතුරදී මූල්‍ය ප‍්‍රකාශන වල එක් එක් සංරචකයන් විගණනයේදී කරනු ලැබූ සම්බන්ධ නිගමනයන් සනාථ කිරීමට සහ සමස්ථ විගණන උපාය මාර්ග හා විගණන සැලසුම් පිළිබඳ ලේඛණගත කිරීමක් සැලසුම් අදියරේදී ක‍්‍රියාත්මක කරන ලද විශ්ලේෂණාත්මක ක‍්‍රියාපටිපාටි පිළිබඳ ප‍්‍රමාණාත්මක සාක්ෂි සමාලෝචනයට භාජනයවූ විගණන ලිපිගොනු වල නොතිබිණ.

ප‍්‍රමාණාත්මක සීමාවන් ඉක්මවූ ගැටළු සඳහන් අවස්ථා වල විගණන මතය විකරණය නොකිරීම, තත්වාගණනයට හේතුවක් නොමැතිවම මතය තත්වාගණනය සිදුකිරීම, විගණන මතය දැක්වෙන ෙඡ්දයේ වැරදි ලෙස වචන භාවිතය, විගණන වාර්තාව තත්වාගණනය කිරීමට හේතු වූ කරුණු ලේඛණ ගත නොකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වූ ශී‍්‍ර ලංකා මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිති (SLFRS හා SME* යොදාගෙන ඇතිවිට ශී‍්‍ර ලංකා මූල්‍ය වාර්තාකරණ SLFRS ප‍්‍රමිති මත පදනම්ව විගණන මතය තත්වාගණනය කිරීම සහ විගණන වාර්තාවේ විෂය පථය දැක්වෙන ෙඡ්දයේ ශ‍්‍රී ලංකා විගණන ප‍්‍රමිති (SME* වෙනුවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ශ‍්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප‍්‍රම්ති (SLFRS හා SME* ලෙස දැක්වීම විගණන මතයන්හි සිදු වූ අඩුපාඩු තවදුරටත් විගණන මතයන්හි නිරීක්ෂණය විය.

සබැඳි වෙබ් අඩවි

 
 

Latest Findings

අප අමතන්න

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211

Solution by: LankaCom